Thursday, September 16, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්.......


අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්..... ඇත්තටම ලංකාවෙ හිටපු සොදුරු මිනිසෙක්.. මෙයා ගැන ලියන මේ ලිපිය මට ලියන්න හිතුනේ මාරයාගෙ අපි කවුද? කියන පෝස්ට් එක සහ ඒකෙන් මාව යොමු කරපු මූනු පොතේ ලිපියක් කියෙව්වට පස්සෙයි. මේ කතාව කොටස් දෙකකින් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.. එකක් මේ අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පිළිබදව වූ මගේ අත්දැකීමක්.... දෙවෙනි කොටස එතුමා අපිට කරපු කතාවක සාරංශයක්.... මේ කතාවත් ටිකක් හිනා වෙන්න කතාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.....

මම මීට කලින් කියලා තියෙනවනෙ ශිෂ්‍ය නායක දින ගැන.. ඔන්න ඉතින් අපිත් 1999 අවුරුද්දේ මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය සංවිධානය කරන්න පටන් ගත්තා.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායක දිනයක් සදහා එක් ප්‍රධාන අමුත්තෙක් ගෙන්වනු ලබනවා.. ඔහු විසින් පැය දෙකක දේශනයක් පැවැත්විය යුතු වෙනවා... ඉතින් අපි සංවිධානය කරපු ශිෂ්‍ය නායක දිනයේත් ප්‍රධාන අමුත්තා පිලිබද අවසන් නාම යෝජනා වුනේ රොඩ්ණි වර්ණකුල, රෝහණ බැද්දගේ සහ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්. සැමෝගෙම වාද විවාද වලින් පස්සෙ අවසන් තීරණය වුනේ අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් 1999 වසරේ මලියදේව ශිෂ්‍ය නායක දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය යුතු බවයි..

ඔන්න ඉතින් කට්ටිය ගිහින් එතුමාට ආරාධනා කරලා ආවා... එතුමත් එතුමගෙ දේශනේට මූල්‍ය වටිනාකමක් නොදීම අපේ ආරාධනාව භාර ගත්තා.... මම එහෙම කිව්වෙ සමහර ප්‍රභූන් වගේම ස්වාමීන් වහන්සේලාත් තම දේශනය හෝ බණ වෙනුවෙන් අගයක් නියම කරන නිසා.... ඒත් එතුමා අපිට නොමිලේම එතුමාගෙ කාලය දෙන්න එකග උනා.. මම දන්න තරමට එතුමා එහෙම කිසිම කෙනෙක්ගෙන් මුදල් අරන් නෑ... දැන් ඉතින් අපේ ශිෂ්‍ය නායක දිනය උදා වුනා.. ප්‍රධාන ශිෂ්‍ය නායක තුමා බුලත් අතක් අරන් ප්‍රධාන අමුත්තා එනකන් ටයි දාලා ඉස්කෝලෙ බ්ලේසර් දාල එහෙම ඉන්නවා ගේට්ටුව ගාව... අපිත් බ්ලේසර් දාලා ටයි දාල තියෙන බැජ් ඔක්කොම ගහගෙන පේලි දෙකට ඉන්නවා... මමයි අර ජනකයි (අර කතා සීරීස් එකකම හිටියේ) දෙන්න කොහෙහරි ඉදලා මේන් හෝල් එක පැත්තට එනවා...

එක පාරටම අපේ විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච 8 ශ්‍රී පරන කාර් එකක් පිඹගෙන ඇවිත් ග්‍රවුන්ඩ් එක ලග නැවැත්තුවා... ඒකෙන් බැස්සෙ කොන්ඩෙ අවුල් කරගත්ත සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දා ගත්ත කලිසමේ බෙල්ට් එකක් වත් නැති ටිකක් වයසක මනුස්සයෙක් කාර් එකෙන් බැහැලා මමයි ජනකයි දෙන්න පැත්තට හැරුනා... කතාවට අහු උනේ මම.. ජනකයා මාරු උනා.... දැන් අපි දෙන්න අතරෙ ගියෙ මෙහෙම කතාවක්...

පුතා මලියදේවෙද?

ඔව් අන්කල්... ඇයි අන්කල්? කාවවත් හම්බ වෙන්නද?

අද ශිෂ්‍ය නායක දිනයක් තියෙනවා නේද?

ඔව් අන්කල්... මේන් හෝල් එකේ තියෙන්නෙ..

මම රන්බණ්ඩා සෙනෙවිරත්න. මට එක පුතෙක් දවසක් ඇවිත් අරාධන කලා ප්‍රධාන අමුත්තා විදිහට එන්න කියලා.. ඒ පුතා ඉන්නවද දන්නෙ නෑ නේද?

ආ සර්... සොරි සර්.... මම දැනගෙන හිටියෙ නෑ කලින් සර්ව... සමාවෙන්න සර්..

ඒකට කමක් නෑ... ප්‍රධාන ශාලාවෙ නේද උත්සවේ තියෙන්නෙ...

ඔව් සර්.. ඒත් විදුහල්පතිතුමයි ප්‍රධන ශිෂ්‍ය නායකතුමයි සර්ව පිළිගන්න ගේට්ටුව ලග ඉන්නවා සර්... අපි එතනට යමුද?

ආ.. ඒවා ඕනෙ නෑ පුතා... අපි ප්‍රධාන ශාලවට යමු කියලා එතුමා අර බ්ලේසර් එහෙම දාගෙන පේලි හැදිලා හිටපු අපේ කොල්ලො ටිකත් පහු කරගෙන මාත් එක්ක ප්‍රධාන ශාලාවට ගිහින් එතුමගෙ නම ගහලා තිබ්බ පුටුවෙන් වාඩිවුනා...

ඒ එක්කම එලියට දුවගෙන ආපු මම කට්ටියට විස්තරේ කිව්ව.. පිලිගන්න හිටපු විදුහල්පතිතුමයි, ප්‍රධාන ශිෂ්‍ය නායක තුමයි අප්පුඩි ගහන්න බලාගෙන පේලි හැදිලා හිටපු කොල්ලොයි ඔක්කොම දුවගෙන ඇවිත් සෙට් වෙලා දැන් ශිෂ්‍ය නායක දිනය පටන් ගත්තා.....

අදට ඇති..... එතුමා ආපු, කතා කරපු සරල විදිහ මගෙ මතකයේ ගැඹුරුම තැනක තැන්පත් උනා.. මා අතින් නොදැනුවත්ව වෙච්ච වැරැද්දට කිසිදු පැකිලීමකින් තොරව දුන්න සමාව, අධි නීතිඥයයෙක් වෙච්ච එතුමා අපි වගේ පොඩි කොල්ලොත් එක්ක ඇති කර ගත්ත සුහදතාවය මට මගේ ජීවිතයේ වැදගත්ම පාඩම් කිහිපයක් ඉගැන්නුවා....

ඊලග කොටසින් එතුමා ශ්‍රී ලංකා ශිෂ්‍ය නායක ප්‍රජාව අමතා කල දේශනයේ සාරාංශය ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ...

ප.ලි. එතුමා විසින් රචිත ගී පිළිබද විස්තරය පුළුවන්නම් ලියන්න කියලා මම අපේ වැම්පයර් මල්ලිට පුංචි පහේ ආරාධනයක් කරන්නත් කැමතියි.....

17 comments:

  1. කාල වරෙන් කිව්වලු මඩු මාලු.. :( උඹත් අයියෙ හෙන කොන්තරත්තු නේ දෙන්නෙ.. බලමු බලමු...

    ReplyDelete
  2. onna mama oyage blog eka sampoornayenma kiyewwa. godak hodata hina una wageema bappa gana liyala tibuna sanwadi post tikakuth tibuna.digatama liyanna shakthiya labeewa

    ReplyDelete
  3. අයිය ඔය පින්තූරයෙ තියන කවි පොත මා ගාවත් තියේ.. ඒකේ තියෙනව එතුමාගේ ගීත වගේම කවි ගොඩක්.. ගොඩක් ඒව ගායනා කරල තියෙන්නේ කපුගේ මහත්තයා....

    ReplyDelete
  4. හ්ම්ම් සොඳුරු මිනිසෙක්

    ReplyDelete
  5. හ්ම්ම්ම් ඔය සිදුවීමෙන් උඹ ගොඩක් දේ අරගෙන තියෙනවා.

    ReplyDelete
  6. ගී පද රචනා වගෙම සොඳුරු මනුස්සයෙක් වගේ... ඉතිරි ටිකත් ලියන්නකො

    ReplyDelete
  7. රටක් වටින මිනිහෙක්.. මොනවා කරත් මනුස්සයෙක්ගේ නිහතමානී බව කියන්නේ ඒ චරිතයට ආභරණයක්... ඒ බව දන්නේ නැති ගොඩක් උදවිය තමන්ගේ රැකියාව සහ තනතුර අනුව හිස උදුම්මගෙන ඉන්නේ..

    කතාව දිගටම ලියන්න.. මමත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  8. දම්පාටින් ලා සඳ බැසයනවා සිංදුව වගේ සංවේදී පෙනෙන දෙයකට වඩා එහා ගිය තේරුමක් දුන්න හදවතට දැනෙන අහල හිතන්න දෙයක් ඉතුරු කරන සින්දු ලියන්න පුළුවන් උන කීපදෙනා අතර එතුමාත් එක්කෙනෙක්.

    ReplyDelete
  9. එතුමා ගැන විශේෂ ගරුත්වයක් මටත් කලක් තිබ්බා. නමුත් ඒක මේ ලඟදි නැති උනා පොර කසාද ගෑනිව එළවලා ගෙදර වැඩට ආපු ගෑනිව තියන් ඉන්නවා කියල දැන ගත්තහම.

    ReplyDelete
  10. එතුමා ලියපු ගීත අහල තියෙනවා ඇරෙන්න මං වැඩිමනත් දෙයක් එතුමා ගැන දැනගෙන හිටියෙ නැහැ...

    කියවු පමණින් මටත් එතුමා ගැන පැහැදිමක් ඇති වුණා...
    කොහොමත් බොරු පුරාජේරු නැති පොළවේ පය ගහල ජිවත් වෙන මිනිස්සු ගැන මගෙ හිතේ තියෙන්නෙ ලොකු ගුරුත්වයක්!

    ReplyDelete
  11. උගත්කම, නිහතමානි කම ආභරණයක්. අපිට ඉන්න වටිනාම මිනිස්සු නැතිවෙද්දි එ තැන ගන්න අයත් හිමිට හිමිට බිහිවෙනවා.මමත් ආසම කරන චරිතයක්. මෙ වගෙ මිනිස්සු අපෙ ජාතියට වාසනාවන්. රන්බන්ඩා සෙනවිරත්න .. " මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මෙ ' හරිම සුන්දරයි මතක් වෙද්දිත් එ සින්දුව.

    ReplyDelete
  12. වටිනා.... දක්ශ මනුස්සයෙක්ක් ගැන හුඟක් වටින ලිපියක් වගේම වැම්පි උබට ඒ කට්‍රැක්ට් එක බාර අරන් ලියන්න පුලුවන්නේ...

    ලඳුනේ ගීතයත් එතුමාගේ නිර්මානයක් නේද...

    ReplyDelete
  13. දම්පාටෙන් ලා සඳ ලිව්වේ ලුෂන් නේද?

    ReplyDelete
  14. @KK- Yes Correct
    Lucien Bulathsinhala (Lyrics) and Austin Munasingha(music)

    ReplyDelete
  15. රන්බන්ඩා සෙනවිරත්න කියන මහා හදවතක් තිබුන මිනිසව මම හරියටම දැන ගද්දි එතුමා මේ ලෝකෙ දාල ගිහින් මම හිතන්නෙ... ඒත් ඒ අපූර්ව මිනිසාගෙ වටිනා අදහස් හැමදාම දැනෙනව...උල ලේනෝ කියන්නෙ මටනම් ඇත්තටම ගීතයක් විතරක් නෙමේ...ජීවිතයක යථාර්තය, තනියම ඉපදෙන අපි තනියම මැරෙන්න තියෙන බය බොහොම අපූරුවට මේ සොඳුරු මනුස්සය විස්තර කරනවා...කොච්චර ගීත ඇහව්වත් හැමදටම මගෙ හිතට දැනිච්ච ගීතයක් තියෙනවනම් ඒ උල ලේනෝ.............
    ඔහු ගැන අපි නොදන්නා දේ කිව්වට ඔබ තුමාටත් බොහොම පින්.....

    ReplyDelete
  16. @Dinesh Silva
    Ranbanda Seneviratnayan kiyanne usas gathi guna thiyena wachanayen parisamapthiyenma manushhayek. birida elawalawath wena kenek thiyagenawath hitiye naa. biridath hodai eith dennata anthima wenakan eikata inna bari una. 'indikada laga oba enakan...' kiyana sinduwa liuwe birida methumawa dala giya shoken.

    hodinma danna deyak hinda dana gannai liuwe.sudu charitha mokata kalu karanawada?

    -Ambi

    ReplyDelete
  17. @Dinesh Silva

    ඔබතුමාගේ කතාව නම් බොරු. නොදන්නා කම නිසා කියන ලදැයි සිතමි.

    පළවෙනි භාර්යාව මෙතුමාව අත ඇරලා ගියාට පස්සේ තමයි දෙවැනි විවාහය කර ගත්තේ. එකත් ගෙදර වැඩට හිටපු කෙනෙක් නෙමෙයි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...