පහුගිය ලිපියෙන් කිව්වෙ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගැන මගේ අත්දැකීම් නොවැ... අද ලියන්න යන්නෙ එතුමා අපට කරපු කතාව.... සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායක දින වලදි ප්‍රධාන අමුත්තගේ කථාව ගොඩාක් දෙනෙක් අහගෙන ඉන්නෙ නෑ... එක එක තැන් වල එක එක ඇඩ්. ඒත් මෙතුමාගෙ කතාව කරපු පැය දෙකකට පුරාවට එකම එක අවස්තාවකදි ඇර අනිත් හැම වෙලාවෙම සියලු දෙනා ලගම තිබ්බෙ ඉතා දැඩි නිශ්ශබ්දතාවයක්. දැන් ඔයාලට ප්‍රශ්ණෙ වෙන්නෙ අර එක අවස්තාවනෙ.. එතුමාගෙ කතාව වෙලේ එක විද්‍යාලයක් පරක්කු වෙලා ආවා... ඒ වෙලාවෙ එතුමා හයියෙන්ම මෙහෙම ආවා.....
මොකක්ද පුතේ ඔය ළමයින්ගෙ ඉස්කෝලෙ...
එකෙක්... අපි ගාල්ලෙ ඇ..............
ආ.... මම හිතුවෙ මායිම් ගම්මානෙක කියලා... ළමයි හිනා උනා... එතුමා පාඩුවේ කතා කරගෙන ගියා.. එතුමා අවසර ගත්තෙ "හැමෝගෙන්ම අවසරයි" කියලා.. ඊට පස්සෙ දිගටම කථාව... මේ කතාව ඇතුලෙ තමයි අර මාරයාගෙ පෝස්ට් එකෙන් යොමු කරලා තිබ්බ මූනු පොතේ ලිපියට තවත් කතිකාවතක් එක්වෙන්නෙ... මෙන්න එතුමාගෙ පළවෙනි වාක්‍ය තුන.... මෙතන ඉදන් කතාව මම මතක විදිහට කියනවා.... මේ පලවෙනි වාක්‍ය තුනෙන් පස්සෙ එකෙක්වත් මීක් කිව්වෙ නෑ...
දරුවනේ මම අධි නීතිඥ වරයෙක්.... ඒත් මම ගොඩේ බයියෙක්... මගේ අප්පච්චි ගොයියෙක්...
මම දන්නෙ නෑ මම මේ ළමයින්ට කතාවක් කරන්න සුදුසුද කියලා... ඒත් මට ආරාධනය ලැබිලා තියෙනවා.. ඒ නිසා මම කතාව කරගෙන යනවා... අනුරාධපුරේ මම පොඩි කාලෙ ගෙවුනෙ.... අපේ අප්පච්චි හොද ගොයියෙක් වගේම හොද වෙද මහත්තයෙක්.... පොඩි කාලෙ ඉදන්ම අප්පච්චිට බෙහෙත් කොටන්න උදව් දුන්න අපිට මිනිස්සුන්ට සලකන්න ඉගෙන ගන්න උනේ නෑ... ඔය දරුවොත් ග්‍රාමීයයි.... ඒත් සමහරුන්ට මේ ගතිගුන ඉස්කෝලෙන් ඉගෙන ගන්න වෙලා ඇති.. ඒත් ඒක මුලාවක්... අපි හැමෝටම ඒක සහජයෙන් ලැබිලා තියෙනවා.. ඒත් අපි ඒක හිතාමතා අමතක කරලා දානවා... මේ පළාත ගැන නම් මම දන්නෙ නෑ.. ඒත් කොළඹ ළමයි නම් මේකට කියන්නෙ පොශ් වෙනවා කියලා... ඔය පොශ් වෙන එක ගැනම අද මට ඕනනම් පැය දෙකම කියවන්න පුලුවන්.. ඒත් මම එක දෙයක් විතරක් තව කියන්නම්.... එක දවසක එක ලමයෙක් ගෙදර පාඩම් කරන්න තව යාලුවෙක්ව නවත්තගත්තා.... ගෙදර ළමයා හැමදාම දෙමවුපියන්ට වැදලා එනවා.. මගක් යද්දි අනිත් ලමයා අහනවා මොකක්ද අයියෝ ඔයා හැමදාම අන්කල්ටයි ආන්ටිටයි වදින්නෙ... බායි කියලා ආවනම් ඉවරනේ... ඔන්න දරුවනේ පොෂ් වීම... කැමතිනම් පොෂ් වෙන්න පුළුවන්.... අපේ හැදියාව පැත්තකින් තියලා පොෂ් වෙන්න යන්න පුලුවන් ඕන්...
මම මෙතනට එන්න කලින් ශිෂ්‍ය නායක දින ගැන අධ්‍යයනය කලා.. මෙතනට ඇවිල්ලා ඉන්නේ ලංකාවෙ ඉන්න වැදගත්ම ළමයි ඒත් ඔවුන්ට ප්‍රායොගික උපදෙසක් නැතුව දවසක් නිකන් නාස්ති වෙලා යනවා.. ඒකයි මම මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ... මම දන්න විදිහට මෙතන දෙමවුපියෝ කොළඹ හැදිච්ච දැනටත් කොළඹ උසස් සමාජයේ කිසිවෙක් මෙතන නෑ.. ඉන්නවනම් අත උස්සන්න බලන්න.. නෑ තමයි.. ඒත් තව අවුරුදු 10කින් ඒ තැනට යන්න හිතාගෙන ඉන්න අය මෙතන ඉන්නවා.. ඒත් පුතේ.. සමාජීය වශයෙන් ඉදිරියට යනවා කියන්නෙ ලංකාවෙ තියෙන උදාර සංස්කෘතිය පාවලා දෙන එක නෙමේ.... ඔයාලා ඒ වෙනුවෙන් එක අඩියක් තියන්න.. ඒක ඔයාලා ජීවිතේ කරන උතුම්ම ක්‍රියාව වෙයි.
ශිෂ්‍ය නායක නායිකාවො කියන අය ඔයාලගෙ වයසෙ අසීමිත වරප්‍රසාදලාභීන්. ඔයාලගෙ වයසෙ ඉන්න අනිත් ළමයින්ට වඩා ඔයාලා යම් තලයක් උඩින් ඉන්නේ... එතනට එන්න මග පෑදුවේ ඔයාලගෙ දෙමවුපියෝ.... අද සමහරු මෙහෙට ඇවිත් ඇති දෙමවුපියන්ට බොරු කියලා.. ඒත් ඒ බොරු කිව්වෙ තමුන්ට මේ වගේ තැනක ඉන්න උදව් කරලා මග පාදපු දෙමවුපියන්ට බව මම දැන් මතක් කලේ නැත්නම් ඔයාලට අමතකයි... ඒත් ඒ බොරු කියාපු ඔයාලම මගෙ දවසක් පැල නැති හේනේ සින්දුව අහලා අඩන්න පටන් ගනියි... මේවා ගැන ගැඹුරින් හිතන්න දරුවනේ... එතකොට තමයි ඔයාලට සමාජය තෙරුන් යන්නෙ...
මේ මම දැම්මේ පොඩ්ඩයි.. එතුමගේ කතාවෙ පැය දෙකම මට කට පාඩමින් උනත් කියන්න පුළුවන්..... අර කතාවට හරියන හරියෙන් තමයි මම දැම්මෙ. ආයෙත් ටිකක් හිනායන කතා දාන්න පටන් ගන්න ඕන...
ඉතුරු ටිකත් දාලම හිනා වෙන්න බලමුද?
ReplyDeleteඅනේ, මලේ,කතාව ඔක්කොම දාහං,කොල්ලෝ,
ReplyDeleteකෑලි, කෑලි, හරි කමක් නැහැ,
හිනායන කතා වගෙද මේක,
අනිත් ටිකත් දැමම්නං තමයි හොඳ යාළුවේ...
ReplyDeleteAnith tikath daapan.. araka mama liyanawa..
ReplyDeleteඑතුමා ලියපු ගොඩක් ගීතවල එතුමගේ ජීවිතය සම්බන්ධ පසුබිම් කතා තියනවා. ලඳුනේ, දවසක් පැල නැති හේනේ, මේ දෙක තමයි මගේ හිතට වැදුනම පසුබිම් දෙක. අනිත්වා මේ වෙලාවෙ මතකයට එන්නෙ නෑ.. දවසක් පැල නැති හේනේ ගීතයේ තියෙන්නේ එතුමාගේ ජීවිතයේ එක පරිච්ඡේදයක්. ඒ සින්දුවේ යටින් එබිලා බැලුවොත් ලොකූ කතාවක් තියනවා මතුපිටින් පෙනෙන තේරුමට වඩා. එතුමා සොඳුරු මිනිසෙක් කියලා තේරුනෙ එතුමගේ පද මාලාවල ඇතුල බැලුවම
ReplyDelete(මම දවසක blog එකක හෝ comment එකක ළඳුනේ ගීතය ගැන කියල එතුමට පහර ගහල තිබුනා. ඒත් එතන තිබුනේ සිදුවීම විකෘති කරලා.)
සෑහෙන්න වටින කතාවක්නේ.ඉතිරි ටිකත් දාමු අප්පා
ReplyDeleteහිනා වෙන එක කවදා කරගන්න බැරිද..
ReplyDeleteමගෙන් හොඳවායින් දෙකක් අහගන්නේ නැතිව ඉතිරි ටික දාපන්.
අනේ අභීත, මේ මුලු කතාව ම දාන්න, ඒක අහන්නම ඕනෙ... (ඊට පස්සෙ අනිත් හිනාවෙන කතා අහමු)
ReplyDeleteමුලු කතාවම දාමු නේද සහෝදරයා..ආයෙ එතුමාගේ කතාවක් අහන්න කියලැ..
ReplyDeleteඑතුමගේ කතාව කොයිතරම් දුරට අයියලට බලපැම් කරල තියෙනවද කියන එක පේනව... මුළු කතාවම අයියට කටපාඩමින් වුනත් කියන්න පුළුවන් කියපු එකෙන්...
ReplyDeleteඉතිරි ටිකත් දාන්න කියල ලියන්න යද්දි දැක්කා අයියා ඉතිරි ටික දාලා තියෙනවා...
ස්තූතියි!
මෙ වගෙ වැදගත් පොස්ට් එකකට කමෙන්ට් 10 යි වැටිලා තියන්නෙ... මොකද රංබන්ඩා මහත්තයා මෙතනදි අන්තිමට කිව්වා දෙ තමයි ගොඩක් අයගෙ සද්දෙ වහන්නෙ.. :D , කොහොමහරි කරගන්න ඔනා.
ReplyDelete:( කෝ මේකේ අනිත් ටික???
ReplyDelete